වකුගඩු වල ගල්

මුත්‍රා ගල් ඇතිවීම වලක්වා ගැනීමට හොදම ක්‍රමය නම් විජලනය ඇති වීම වලක්වා ගැනීමට ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම සදහා වගබලා ගැනීමයි. නැවත ගල් ඇතිවීම වලක්වා ගැනීමට නම් ඔබ දිනපතාම වතුර ලීටර් 3ක් ( පයින්ට් 5.2ක්) පානය කිරීමට අදිටන් කරගත යුතුයි. ඔබට උපදෙස් දෙනුයේ:

  • වතුර පානය කරන්න, කෝපි සහ තේ වැනි දෑ ඇතුළුව
  • නැවුම් ලෙමන් යුශ ඔබේ වතුර වලට එකතු කර ගන්න
  • පැණි බීම වර්ග පානය කිරීමෙන් වැලකීම
  • වැඩිපුර ලුනු ආහාරයට ගැනීමෙන් වැලකීම

ඔබගේ මුත්‍රා ලා පැහැයෙන් තබා ගැනීමෙන් අපද්‍රව්‍ය මුත්‍රා වල එකතු වීම සහ ගල් ඇතිවීම වලක්වා ගැනීමට ඉවහල් වේ.. මුත්‍රා වල පැහැයෙන් එහි තනුක භාවය ගැන ඔබට කියන්නට පුලුවන. මුත්‍රා වල වර්නය වඩාත් තද වන්නට වන්න එහි සාන්ද්‍රනය වැඩි වේ. රාත්‍රී කාලයේ ශරීරයේ නිපදවන වන අපද්‍රව්‍ය එකතුවීම නිසා සාමාන්‍යයෙන් ඔබේ උදෑසන පිටවන මුත්‍රා තද කහ පැහැයකින් යුක්තය. තේ, කෝපි සහ පලතුරු යුෂ වර්ග ඔබ පානය කරනා දියර වර්ග යටතට ගත හැකි උනත්, වකුගඩු ගල් ඇතිවීම වලක්වා ගත හැකි නීරෝගීම ක්‍රමය නම් වතුර පානය කිරීමයි. උනුසුම් දින වල හා ඔබ ව්‍යායාම කරන දිනවල දහඩිය ලෙස පිටවන දියර ප්‍රමානය නැවත ලබා ගැනීම සදහා එවැනි දින වල වැඩිපුර දියර වර්ග පානය කිරීමට වගබලා ගත යුතුයි. ඔබට ඇති වකුගඩු ගල් වර්ගය අනුව, සමහර ආහාර වර්ග අනුභවයෙන් වැලකීමට ඔබේ වෛද්‍යතුමා ඔබට උපදෙස් දිය හැකියි. නමුත් ඔබගේ වෛද්‍යතුමාට කතා කිරීමට පෙර ඔබගේ ආහාර රටාවේ වෙනසක් ඇති නොකරන්න.